නෝර්වේ සහ ස්විට්සර්ලන්තය ලංකාවට එරෙහිව පනවා තිබුණු සංචාරක සීමා ලිහිල් කරයි.

0
268

නෝර්වේ සහ ස්විට්සර්ලන්තය
ලංකාවට එරෙහිව පනවා තිබුණු
සංචාරක සීමා ලිහිල් කරයි.


නෝර්වේ සහ ස්විට්සර්ලන්තය යන රාජ්‍යයන් ලංකාවට එරෙහිව පනවා තිබුණු සංචාරක සීමා ලිහිල් කර ඇති බව වාර්තා වේ.

ජූලි මාසයේ මැද භාගයේ දී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් ස්විට්සර්ලන්තය රජය එරට පුරවැසියන්ට යම් අනතුරු හැගවීමක් කර තිබුණි. ඊට හේතුව වී තිබුණේ රට තුළ වර්ධනය වී තිබුණු අස්ථාවර භාවයයි.

මේ අතර නෝර්වේ රාජ්‍යයද ශ්‍රී ලංකාවේ සංචාරය සදහා එරට පුරවැසියන්ට පනවා තිබුණු සීමා ලිහිල් කර තිබේ.

නෝර්වේ රාජ්‍ය ලංකාවට එරෙහිව සංචාරක සීමා පනවා තිබුණේ මැයි මාසයේ 11 වන දා ය. අත්‍යවශ්‍ය ඖෂධ සහ ඉන්ධන හිගය පිළිබදව අවධාරණය කරමින් නෝර්වේ රාජ්‍ය ලංකාවේ සංචාරය පිළිබදව අනතුරු හැගවීම් නිවේදනය කර තිබුණි.

කෙසේ වෙතත් ඊයේ දිනයේ සිට එම සීමා ලිහිල් කිරීමට නෝර්වේ රාජ්‍යයද තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

20 − nine =