‘පක්ෂය මොන තීරණය ගත්තත් ඉදිරි ජනාධිපතිවරණයක දී මගේ සහාය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට…!’
දිලුම් අමුණුගම.
ඉදිරි ජනාධිපතිවරණය සදහා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේ නම්, කොන්දේසි විරහිතව තම සහයෝගය ලබා දෙන බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.
පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ සම්බන්ධයෙන් ගනු ලබන තීන්දුව කුමක් වේදැයි අනුමාන කළ නොහැකි වුවත්, තමන්ගේ සහයෝගය නිසැක වශයෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවන බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
දැඩි අර්බුදයක පැවති රට වසරක් වැනි කෙටි කාලයකින් යම් ස්ථාවරත්වයක් කරා ගෙන ඒමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත් වූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
රට අර්බුදයට ඇද වැටුණේ පොහොට්ටු පක්ෂයේ ජනාධිපතිවරයෙක් රට පාලනය කළ සමයේ බව අමතක නොකළ යුතු බවද දිලුම් අමුණුගම සිහිපත්.