‘පඩි වැඩි කළ නොහැකි නම් අතුරු දීමනාවක් ලබා දෙන්න…!’ රජයේ සේවකයෝ ලක්ෂ පහක් පෙත්සමකට අත්සන් කරති.

0
260

‘පඩි වැඩි කළ නොහැකි නම්
අතුරු දීමනාවක් ලබා දෙන්න…!’
රජයේ සේවකයෝ ලක්ෂ පහක්
පෙත්සමකට අත්සන් කරති.

පවතින ආර්ථික තත්ත්වය යටතේ වැටුප් වැඩි කිරීමක් කළ නොහැකි නම් අතුරු දීමනාවක් හෝ ලබා දෙන ලෙස රජයේ සේවකයන් ඉල්ලා සිටියි.

තම ඉල්ලීම රජයේ සේවකයන් ලක්ෂ පහක් අත්සන් තබන ලද පෙත්සමක් ද සමගින් රජයට ඉදිරිපත් කිරීමට රාජ්‍ය සේවා වෘත්තීය සමිති සංගමය තීරණය කර තිබේ.

උද්ධමනය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර ලැබෙන වැටුප ජීවන වියදම කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව එම සංගමය පවසයි.

එසේම ජීවන වියදම පහත දැමීම සදහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමට රජය එතරම් උනන්දුවක් නොදක්වන බව පෙනී යන බවද එම සංගමය චෝදනා කරයි.

උදාහරණයක් ලෙස ලෝක වෙළද පොලේ මිල ගණන් හා සසදා බැලීමේ දී ඉන්ධන මිල තව දුරටත් පහත හෙළීමේ හැකියාව තිබිය දී රජය එසේ නොකරන බවට චෝදනාවක් එල්ල වී ඇති බවද එම සංගමයේ ජාතික සංවිධායක ප්‍රදීප් බස්නායක මහතා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

13 + 5 =