පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙන
මිල අධික හා දුර්ලභ ඖෂධ
ඉහළ නිළධාරීන්ගේ ගජමිතුරන්ට..?
ඈත පලාත්වල රෝගීන්ට හුළං..!
– ද මෝර්නිං පුවත්පතේ මුල් පුවත.
ඖෂධ හිගය පියවා ගැනීම සදහා ධානපතියන් සහ විවිධ සංවිධාන විසින් පරිත්‍යාග කරනු ලබන ඖෂධ පොදුවේ එම ඖෂධ අවැසි සෑම රෝගියෙකුටම ලැබෙන පරිදි සෑම රෝහලකටම බෙදා හරිනවා වෙනුවට එම ඖෂධ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන්ගේ ගජමිතුරු රෝගීන්ට ලැබෙන ලෙස තෝරාගත් රෝහල් වෙත පමණක් නිකුත් කිරීමක් සිදු වන්නේ ද යන සැකය අද වෙළද පොලට නිකුත්ව තිබෙන ද මෝර්නිං පුවත්පත මතුකර තිබේ.
විශේෂයෙන්ම මෙය සිද්ධ වන්නේ මිල අධික සහ සොයා ගැනීමට අපහසු දුර්ලභ ඖෂධ සම්බන්ධයෙන් බවද පුවත්පත පවසයි.
ඖෂධ පරිත්‍යාග කිරීමට කැමැත්තක් දක්වන පරිත්‍යාගශීලීන් ඒ සදහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් හෝ ඔවුන් ඖෂධ පරිත්‍යාග කිරීමට බලාපොරොත්තුවන අදාල රෝහලේ අධ්‍යක්ෂකවරයාගෙන් හෝ අවසර ලබා ගත යුතුය.
ඉන් පසුව පරිත්‍යාගශීලීන් විසින් ඔවුන්ට ලැබෙන එම හිග ඖෂධ හෝ සෞඛ්‍ය උපරකරණ ලයිස්තුව ඔවුන් කැමති සමාගමකට ලබා දෙන අතර ඒ සමගම ඔවුන් ලබා දෙන ඇනවුම් සදහා ගෙවීම්ද සිදු කරයි.
අදාල සමාගම පසුව සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ පවතින වෛද්‍ය සැපයුම් අංශය වෙත එම ඖෂද සපයනු ලැබේ.
මෙසේ ලැබෙන ඇතැම් මිල අධික හා සොයා ගැනීමට අපහසු ඖෂධ තෝරාගත් රෝගීන් වෙත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිළධාරීන් කටයුතු කරන බවටයි සැකය මතු වී තිබෙන්නේ.
මේ හේතුව නිසා දුරබැහැර ප්‍රදේශවල පවතින රෝහල් වෙත ඖෂධ විධිමත්ව නොලැබීමේ අවධානමක් නිර්මාණය වී ඇති බව පුවත්පත පවසයි.