“පලස්තීන ජනතාවට ඔවුන්ගේම වූ නිදහස් රාජ්‍යයක් අවශ්‍යයි…!” ජනපති රනිල්.

0
77

“පලස්තීන ජනතාවට
ඔවුන්ගේම වූ නිදහස් රාජ්‍යයක්
අවශ්‍යයි…!”
ජනපති රනිල්.


පලස්තීන ජනතාවට ඔවුන්ගේම වූ නිදහස් රාජ්‍යයක් බිහිවීම අත්‍යවශ්‍ය යැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මන්නාරම ප්‍රදේශයේ පැවති උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසී ය.

පසුගියදා මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ විස්සක් සදහා ගාසා තීරයට ඇතුළු වීමට ඊශ්‍රායලය අවසර ලබා දී තිබුණි. ලක්ෂ විස්සක් වූ පලස්තීන ජනතාවට සහන ලබා දීම සදහා ට්‍රක් රථ විස්සක ආහාර ඇතුළු මානුෂීය ආධාර ප්‍රමාණවත්දැයි, ජනාධිපතිවරයා ප්‍රශ්න කර සිටියේ ය.

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ඇති වී තිබෙන ගැටුමේ ගොදුරක් බවට සාමාන්‍ය පලස්තීන වැසියන් පත් ව තිබීම ජනාධිපතිවරයා දැඩිව හෙලා දැක්කේ ය.

පලස්තීන ජනතාවට සහන සැලසීම සදහා එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ගනු ලබන ඕනෑම ක්‍රියාමාර්ගයකට ශ්‍රී ලංකාව සිය සහයෝගය ලබා දෙන බවද ජනාධිපතිවරයා මෙහිදී වැඩි දුරටත් පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − five =