පලාගිය ජනපති හෙට යළි දිවයිනට එයි..!

0
144

පලාගිය ජනපති
හෙට යළි දිවයිනට
එයි..!


මහජන අරගලය මධ්‍යයේ රටින් පලාගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනයේ දී යළි දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය ජූලි නම වන දා උද්ඝෝෂකයෙන් ජනාධිපති මන්දිරයට ඇතුළු වීමත් සමහ හිටපු ජනාධිපතිවරයා ජනාධිපතිමන්දිරයෙන් පලාගිය බව වාර්තා විය.

ඉන් දින කිහිපයකට පසුව ජූලි 12 වන දා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයකින් ඔහු මාලදිවයින බලා පිටත් වූවේ ය.

ජූලි 14 වන දා ඔහු මාලදිවයිනෙන් සිංගප්පූරුව බලා පැමිණ තිබුණේ ය.

ජූලි 14 වන දා සිට අගෝස්තු 11 වනා දා දක්වා සිංගප්පූරුවේ රැදී සිටි හිටපු ජනාධිපතිවරයා ඉන් පසුව මැලේසියාව බලා පිටත් විය.

එතැන් සිට මැලේසියාව හෝටලයක රැදී සිටි ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරයා යළි හෙට එනම් සැප්තැම්බර් මාසයේ 03 වන දා දිවයිනට පැමිණෙන බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − ten =