පලාත් පාලන ඡන්දය ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්..!

0
201

පලාත් පාලන ඡන්දය ඉල්ලා
ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම්
පෙත්සමක්..!


නියමිත කාලය තුළ පලාත් සභා සහ පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු කරන බව පැෆරල් සංවිධානය පවසයි.

පළාත් සභා මැතිවරණය නොපවත්වා මේ වන විට වසර තුනක කාලයක් ගෙවී ගොස් තිබේ.

එමෙන්ම ලබන වසරේ මුල් කාර්තුව තුළ පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණය කල් දැමීමේ සූදානමක් පවතින බවට බොහෝ පාර්ශ්ව සැක පළ කරමින් සිටිති.

මේ තත්ත්වය මත මැතිවරණ ලබා ගැනීම සදහා අවශ්‍ය නීතිමය පියවර ඉදිරි දෙසතිය තුළ ගන්නා බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 − 4 =