පලාත් පාලන මැතිවරණයට මේ කරන දේ ම පාර්ලිමේන්තු හෝ ජනාධිපති මැතිවරණයකට නොකරයි කියන්නේ කොහොමද..?

0
139

පලාත් පාලන මැතිවරණයට මේ කරන දේ ම
පාර්ලිමේන්තු හෝ ජනාධිපති මැතිවරණයකට
නොකරයි කියන්නේ කොහොමද..?


පලාත් පාලන මැතිවරණයට අදාල ඡන්ද පත්‍රිකා මුද්රණය කිරීම මේ වන විට රජයේ මුද්රණ දෙපාර්තමේන්තුව විසින් අත්හිටුවා තිබේ.

විවිධ පාර්ශ ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධයක් දක්වා ඇති අතර නීතීඥ සංගමයේ හිටපු සභාපති, ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා ඒ සම්බන්ධයෙන් පහත සටහන ඔහුගේ නිල ෆේස්බුක් පිටුවේ සටහන් කර තිබුණි.

අප එම සටහන මෙසේ උපුටා දක්වමු.

පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අද ප්‍රතික්ෂේප කරන්නට රජයේ මුද්‍රණාලයට ඉඩ දුනහොත්, හෙට දින ජනාධිපතිවරණයක හෝ පාර්ලිමේන්තු මැතිවරණයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම ප්‍රතික්ෂේප කිරීම වළක්වන්නේ කොහොමද? සම්පත් නැතැයි කියමින් අනාගත ආණ්ඩුවක් පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයක් නතර කිරීමට උත්සාහ කලොත් සිදු වන්නේ කුමක්ද? පිලිගත් පද්ධතියක් සහ සම්පදායන් සමග මේ ආකාරයට වන අයුතු ලෙස ඇඟිලි ගැසීම් අතිශයින් භයානක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

thirteen + 9 =