පසුගිය ඔක්තෝබරයට සාපේක්ෂව
මේ ඔක්තෝබරයේ තේ නිෂ්පාදනය
22.4%කින් පහතට.
පසුගිය වසරේ ඔක්තෝබරයට සාපේක්ෂව මේ ඔක්තෝබරයේ තේ නිෂ්පාදනය 22.4% කින් පහත වැටී ඇති බව වාර්තා වේ.
මේ වසරේ ජනවාරි මාසයේ සිට ඔක්තෝබර් දක්වා වූ කාලය තුළ සමස්ත තේ නිෂ්පාදනය කිලෝ මිලියන 211.39 කි.
පසුගිය වසරේ අදාල කාලපරිච්ඡේදය තුළ තේ කිලෝ මිලියන 258.90 ක් නිෂ්පාදනය කර තිබේ.
රසායනික පොහොර සහ වල්නාශක තහනම මේ තත්ත්වයට බලපෑ බව ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතා පවසයි.