පසුගිය වසරේ පුද්ගලයන් 3,406 ක්
සියදිවි නසාගෙන..!
ආර්ථික ප්‍රශ්නත් ප්‍රධාන හේතුවක්..!
පසුගිය වසරතුළ පුද්ගලයන් 3,406 දෙනෙකු සිය දිවි නසාගෙන ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික සහ සංඛ්‍යා ලේඛන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා පවසයි.
සියදිවි නසා ගැනීමේ හේතු අතර, ආර්ථික අර්බුදයද ප්‍රධාන හේතුවක් ලෙස දැක්වෙන නිසා, පිරමීඩ ජාවාරම, රැකියා අහිමිවීම, ව්‍යාපාර බංකොලොත්වීම හෝ වගා විනාශය ආදී ආපදාවන්ට මුහුණ දී සිටින පුද්ගලයන්, ඔවුන්ගේ මානසික තත්ත්වය පිළිබදව අවධානයෙන් සිටිය යුතු බව මහාචාර්ය වරයා පවසයි.
පසුගිය වසර තුළ සිදු වී තිබෙන සියදිවිනාසාගැනීම්වලින් වැඩි ප්‍රමාණයක් සිදුව ඇත්තේ පවුල් ආරවුල් හේතුවෙනි. සංඛ්‍යාත්මක, එකී හේතුව මත සිදුව තිබෙන සියදිවි නසාගැනීම් සංඛ්‍යාව 593 කි. ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දීමට නොහැකිව පුද්ගලයන් එක සිය අනූ දෙදෙනෙකු සියදිවි නසාගෙන තිබේ.
මත්ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වීම හේතුවෙන් පුද්ගලයන් 274 දෙනෙකු සියදිවි නසාගෙන තිබේ.
සියදිවි නසා ගැනීම් වළක්වා ගැනීම සදහා උපදේශන සේවා වෙත ප්‍රවේශ වීම අත්‍යවශ්‍යයි. අවශ්‍යතාව ඇත්නම් උපදේශන සේවා ලබා ගැනීම එතරම් දුෂ්කර නොවේ. ඒ නමුත්, ජනතාව තුළ උපදේශන සේවා සම්බන්ධයෙන් පවතින අඩු දැනුම සහ උපදේශන සේවයේ වැදගත්කම හදුනා නොගැනීම විශාල ගැටළුවකි.