පහසු-සැහැල්ලු ඇදුමකට අවසර ලබා දී තිබුණු චක්‍රලේඛය අහෝසි වෙයි…!

0
171

පහසු-සැහැල්ලු ඇදුමකට
අවසර ලබා දී තිබුණු
චක්‍රලේඛය අහෝසි වෙයි…!

රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණියේ නිළධාරින්ගේ නිල ඇදුම සම්බන්ධයෙන් 2019 සහ 2022 යන වසර වල නිකුත් කර තිබුණු චක්‍රලේඛ වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිට වූ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය නිවේදනය කරයි.

අහෝසි කරන ලද අදාල චක්‍රලේඛ දෙක මගින් පහසු ඇදුමකින් සැරසී සේවයට වාර්තා කිරීමේ අවසරය රාජ්‍ය සේවයේ මාණ්ඩලික ශ්‍රේණියේ රාජ්‍ය නිළධාරීන්ට අවසර දී තිබුණි.

එම චක්‍රලේඛය අනුව යමින් පාසල් ගුරුවරියන් ද සාරිය හැර වෙනත් ඇදුම් ඇද සේවයට වාර්තා කළ අතර ඒ සම්බන්ධයෙන් මිශ්‍ර අදහස් සමාජයෙන් මතු විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

19 − 11 =