පහළොස්වනදා සිට
ඖෂධ මිල 16%කින් පහතට.
ජූනි මාසයේ පහළොස්වන දා සිට ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය මත මෙරටට ගෙන්වනු ලබන ඖෂධ මිල 16% කින් පහත දමන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
ඩොලරයට සාපේක්ෂව රුපියේ අගය ඉහළ යාම සැලකිල්ලට ගනිමින් එහි වාසිය රටවැසියන්ට ලබා දීමේ අරමුණ ඇතිව මෙම මිල පහත දැමීම සිදුකරන බව අමාත්‍යවරයා පවසයි.
