“පළමුව ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය. දෙවනුව ව්‍යාපෘති..!” ජපානය පොරොන්දු වෙයි.

0
256

“පළමුව ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය.
දෙවනුව ව්‍යාපෘති..!”
ජපානය පොරොන්දු වෙයි.

ජපාන රජයේ, මාධ්‍ය සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු පිළිබද නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් යුකීකෝ ඔකානෝ මහත්මිය, ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ජපන් විදේශ කටයුතු අමාත්‍යවරයා අතර පැවති සනාකච්ඡා පිළිබදව මාධ්‍ය වේදීන් දැනුවත් කරමින් පවසා ඇත්තේ, ශ්‍රී ලංකා රජය, ආයෝජන අවස්ථා රැසක් පිළිබදව, ජපාන රජයේ අවධානය යොමු කර තිබෙන බවයි.

“ශ්‍රී ලංකා ජනාධිපතිවරයා, ජපාන රජයේ අවධානයට ආයෝජන අවස්ථා කිහිපයක් යොමු කළා.. නමුත් මේ මොහොතේ අපගේ ප්‍රධාන අවධානය යොමු වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සම්බන්ධවයි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සුමටව සහ කඩිනමින් සිදුකර ගැනීම සදහා අවශ්‍ය සහාය ලබා දීමට ජපානය කටයුතු කරමින් සිටිනවා..!” යුකීකෝ ඔකානෝ පවසයි.

කෙසේ වෙතත්, ජපානය විසින් ලංකාවට ලබා දීමට නියමිතව තිබුණු – නමුත් ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ දී ඒක පාර්ශ්වීයව ලංකා රජය විසින් අත්හැර දමන ලද – ඇමරිකානු ඩොලර් බිලියන දෙකක වටිනාකමකින් යුතු සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය පිළිබදව මෙම අවස්ථාවේ දී සාකච්ඡා නොවූ බව ඇය පවසා තිබේ.

ශ්‍රී ලංකා රජයට අළුත් ණය ලබා දිය හැක්කේ, ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය අවසන් වීමෙන් පසුව බව ඇය පවසා තිබේ. කෙසේ වෙතත්, ඉදිරියේ දී අදාල ව්‍යාපෘති පිළිබදව සාකච්ඡා කිරීමට ජපාන රජය සූදානමින් සිටින බවද ඇය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

14 − five =