‘පළාත් පාලන මැතිවරණය
නියමිත පරිදි පැවැත්වීම
රජයේ වගකීමකි.’
මල්වතු අස්ගිරි මහ නාහිමිවරු
ජනපතිට කියති.
මේ වන විට රට තුළ උද්ගතව තිබෙන අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් මල්වතු අස්ගිරි මහනාහිමිවරු විසින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
ජනතා ආතතිය සමහන් කිරීම සදහා රජය වහා මැදිහත් විය යුත-ු බවට මහනාහිමිවරු විසින් ඉල්ලා තිබෙන අතර පලාත් පාලන මැතිවරණය නිසි පරිදි පවත්වා ජනතා පරිමාධ්‍යපත්‍යය තහවුරු කිරීමේ වැදගත්කමද අවධාරණය කර තිබේ.
ඊට අමතරව දූෂණය පිටුදැකීම, රජයේ මුදල් අවභාවිතය වැළැක්වීම, මැතිඇමතිවරු භුක්ති විදින අසීමිත වරප්‍රසාද ඉවත්කිරීම වැනි ප්‍රායෝගික විසදුම් හරහා මහජන පීඩාව අවම කිරීම සදහා රජය කටයුතු කළ යුතු බවටද මහනාහිමිවරු සිය ලිපියෙන් පෙන්වා දෙයි.