පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය ජනවාරි 09 වන දාට පෙර ගැසට් කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි.

0
493

පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය
ජනවාරි 09 වන දාට පෙර ගැසට් කරන බව
මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි.


පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය ජනවාරි 09 වනදාට පෙර ගැසට් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසා තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ ඩේලි මිරර් පුවත්පත සමගයි.

21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වී ඇති බැවින් පළාත් පාලන මැතිවරණය කැදවීමේ නීත්‍යනුකූල බලයක් මැතිවරණ කොමිසමට තිබේදැයි කොමිසම නීතිපතිවරයාගේ විමසා තිබුණු අතර ඒ සම්බන්ධයෙන් නීතිපති මතය පසුගිය දා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත ලබා දී තිබුණි.

කෙසේ වෙතත් නීතිපති මතය මාධ්‍යයට හෙළි කළ නොහැකි බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නැවත වරක් ඩේලි මිරර් පුවත්පත සමග පවසා තිබේ.

ඉදිරි දින කිහිපයේ දී නීතිපති උපදෙස පිළිබදව මැතිවරණ කොමිසමේ අනෙකුත් සාමාජිකයන් සමග සාකච්ඡා කරන බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මැතිවරණය කල් දැමීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේ ය. ඔහුගේ දේශපාලන ඉතිහාසය තමන් දන්නා බවද ජවිපෙ නායකයා එම අවස්ථාවේ දී පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × two =