‘පළාත් සභා ඡන්දය
කල් දැමීමට කටයුතු කළ අය
13 වන ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කිරීම
විහිළුවක්..!’
නාමල් රාජපක්ෂ.
පලාත් සභා මැතිවරණය කල් දැමීමට කටයුතු කළ අයම අද 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කතා කිරීම විහිළුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා තිබේ.
පසුගියදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සියළු පක්ෂවල නායකයන්ගේ හමුවක් පැවැත් විණි.
එහිදී විශේෂ වශයෙන්ම අවධානය යොමු වී තිබුනේ ජාතික ප්‍රශ්නය විසදීම සදහා සියළු පාර්ශ්ව පොදු එකගතාවයකට පැමිණීමයි.
විශේෂයෙන් 75 වන නිදහස් සමරුවට පෙර අදාල එකගතා සදහා සියළු පාර්ශ්වයන් එක්විය යුතු බව ජනාධිපතිවරයාගේ අදහසයි.
ජාතික ප්‍රශ්නය විසදීමට නම් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ යුතු බවට පාර්ශ්ව කිහිපයකින් යෝජනා වී තිබුණි.
විපක්ෂනායක වරයාත් – ද්‍රවිඩ ජාතික සන්ධානයත් – මුස්ලිම් කොන්ග්‍රසය මෙන්ම මනෝ ගනේෂන්ගේ නායකත්වයෙන් යුතු පක්ෂය ද ඒ අදහස ප්‍රකාශ කර තිබුණු පක්ෂ යි.
කෙසේ වෙතත්, වහාම 13 වන සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කළ යුතු බවට වූ යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අදහස් දක්වා නොතිබුණි. ඔහු පවසා තිබුණේ ඒ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබද සාකච්ඡාව දෙවනුව සැලකිල්ලට ගත යුතු බවයි.
මෙවැනි තත්ත්වයක් මතයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉහත අදහස ප්‍රකාශකර ඇත්තේ.
මීට අමරතව ඉදිරි මැතිවරණවලට තරග වැදීමේ දී සහාය දෙන්නේ කාටද කියා දීර්ඝව සාකච්ඡා කළ යුතු බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසා තිබේ.
එමෙන්ම කිසි දිනෙක වෙන් වේ යැයි නොසිතී පිරිස් වෙන්ව ගොස් ඇති බවත් ජීවිතයේ මෙන්ම දේශපාලනයේ ද යතාර්ථය එය බවත් මන්ත්‍රීවරයා පවසා තිබේ.
මාධ්‍ය වේදීන් හමුවේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉහත අදහස් පවසා ඇති බව වාර්තා කර තිබුණේ ඩේලි මිරර් වෙබ් අඩවියයි.