ප්‍රතිත්‍රස්ත පනතට
යුරෝපා සංගමය, එක්සත් ජනපදය සහ
එක්සත් රාජධානිය විරෝධය දක්වයි.
බදු සහනය
අහිමිවිය හැකි බවට අනතුරු හගවයි.
යෝජිත ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන්, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඔවුන්ගේ විරෝධය දක්වා ඇති බව ඩේලි මිරර් පුවත්පත සිය මුල් පුවතෙන් වාර්තා කරයි.
යුරෝපා සංගමයේ, භාහිර කටයුතු පිළිබදව ආසියා හා පැසිපික් කලාපය භාර නියෝජ්‍ය කළමනාකාරවරිය යෝජිත ප්‍රති ත්‍රස්ත සම්බන්ධයෙන් ඔවුන්ගේ විරෝධය මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයා වෙත ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.
එමෙන්ම, ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් වූ සිය විරෝධය, එරට ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා කැදවා, එක්සත් ජනපදය විසින්ද ප්‍රකාශ කර තිබේ.
එරටෙහි සංචාරයක නිරතව සිටින, විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් අරුනි විජේවර්ධන කැදවා, යෝජිත ප්‍රතිත්‍රස්ත පනත සංශෝධනය නොකරන්නේ නම්, එය වෙළද කටයුතු සදහා බලපානු ඇති බවට අනතුරු හගවා ඇතැයි එක්සත් රාජධානියේ බලධාරීන් අනතුරු හගවා ඇතැයි පුවත්පත වාර්තා කරයි.
ඊට අමතරව, පසුගිය අප්‍රේල් 17 වන දා, ජනාධිපතිවරයා සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ ආරධානයෙන් පැවති තේ සාදයකට සහභාගී වී තිබෙන යුරෝපා සංගමයේ නියෝජිතයන් පිරිසක් ද, යෝජිත ප්‍රති ත්‍රස්ත පනතයේ අඩංගුව, ජී.එස්.පී ප්ලස් සහනය සදහා බලපානු ඇති බව ඔවුන් දෙදෙනාට පැහැදිලි කර තිබේ.