ප්‍රති ත්‍රස්තපනත
ජාත්‍යන්තර ප්‍රමිතීන්ට
අනුකූල විය යුතුයි..!
ඇමරිකානු තානාපතිනිය.
ආර්ථික ප්‍රතිසංස්කරණ, දේශපාලන ප්‍රතිසංස්කරණ සහ යහපාලනය එකිනෙක හා සම්බන්ධ බව මෙරට ඇමරිකානු තානාපතිනිය පවසයි.
රජය, මූල්‍ය විනිවිද භාවය සහතික කිරීම සදහා අවශ්‍ය පියවර ගනිමින් සිටින බව පවසන ඇමරිකානු තානාපතිනිය, නව දූෂණ විරෝධී පනත් කෙටුම්පත පිළිබදවද ප්‍රසාදයෙන් යුතුව අදහස් දක්වා තිබේ.
ඩේලි මිරර් පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඈ මේ අදහස් පළකරයි.
ඊට අමතරව, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතට එරෙහිව ගෙන ඒමට නියමිත ප්‍රති ත්‍රස්ත පනත පිළිබදව ද මෙම සම්මුඛ සාකච්ඡාවේ දී ඇමරිකානු තානාපතිනිය අදහස් දක්වා තිබේ.
ප්‍රති ත්‍රස්ත පනත ගෙන ඒමට පෙර, අදාල සියළු පාර්ශ්වයන්ගෙන් ඒ පිළිබදව උපදෙස් ලබා ගනු ඇතැයි තමන් බලාපොරොත්තුවන බවද තානාපතිනිය පවසයි.
නව ප්‍රතිත්‍රස්ත පනත ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල සහ ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ සැබෑ අවශ්‍යතා ආමන්ත්‍රණය කිරීමට අදාල වනු ඇති බවටද ඇය විශ්වාසය පළ කරයි.