ආණ්ඩුවේ ප්‍රබල දේශපාලනඥයෙකුට සම්බන්ධ කුරුණෑගල සහ කළුතර පිහිටි මත්පැන් නිෂ්පාදනාගාර දෙකකින් ප්‍රමිතියෙන් තොර, හානිකර මත්පැන් තොග වෙළද පොලට නිකුත් කරමින් සිටින බව අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
රාජ්‍ය ගිණුම්කාරක සභාව හෙවත් කෝපා කමිටුව විසින් පසුගිය සතියේ දී මත්පැන්වලට අදාලව ප්‍රමිතීන් නියම කරන ලෙස සුරාබදු දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස මත්පැන් සදහා සුරාබදු දෙපාර්තමේන්තුව නව ප්‍රමිති මාලාවක් හදුන්වා දී තිබේ.
ප්‍රමිති මාලාවක් හදුන්වා දී තිබියදීත් ඊට අනුගත නොවී රජයේ ප්‍රබල දේශපාලනඥයාට අයත් කුරුණෑගල සහ කළුතර පිහිටි මත්පැන් නිෂ්පාදනාගාර දෙකකින් ප්‍රමිති පරීක්ෂාවකින් තොරව මත්පැන් තොග වෙළද පොලට නිකුත් කර තිබේ.
අදාල මත්පැන් තොග සම්බන්ධයෙන් රස පරීක්ෂණ වාර්තා ලබාගෙන ඇති අතර, ඒවායේ මිනිස් සිරුරට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු අඩංගු බව තහවුරු වී තිබේ.
පුවත්පත සදහන් කර තිබෙන ආකාරයට, ආෆ්ටර් ෂේව් ක්‍රීම්වලත් – හෑන්ඩ් සැනිටයිසර් සහ තවත් එවැනි ද්‍රව්‍යවල අඩංගු භයානක රසායනික ද්‍රව්‍ය එම මත්පැන් තොගයේ අඩංගුව තිබී ඇත.
වෙළද පොලට නිකුත් කරන ලද අදාල මත්පැන් තොග වහා විනාශ නොකර, ඒවා නැවත නිෂ්පාදකයන්ටම ලබා දීම ප්‍රශ්න සහගත බවත්, මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුවේයැයි සැක සහිත බවත් පුවත්පත වාර්තා කර සිටියි.