‘ප්‍රභූ පර්යන්තයේ මහා පිළිගැනීම;
එක් අයෙකුට කෑමටත් එක්ක ඩොලර් දෙසීයයි.
බැසිල් බිල ගෙවලා නෑ.’
ඩේලි මිරර් වාර්තා කරයි.
පසුගිය ඉරිදා දිනයේ දී මෙරටට පැමිණි බැසිල් රාජපක්ෂ මහතා ප්‍රභූ පර්යන්තය භාවිතා කිරීම වෙනුවෙන් ගෙවිය යුතුව තිබෙන මුදල් මේ දක්වා ගෙවා නැති බව ඩේලි මිරර් පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කර සිටියි.
බැසිල් රාජපක්ෂ මහතා මේ වන විට සාමාන්‍ය සිවිල් පුරවැසියෙකු පමණක් වන බැවින් ප්‍රභූ පර්යන්තයේ දී ලැබෙන සේවා නොමිලයේ ලබා ගැනීමේ වරප්‍රසාදය ඔහුට හිමි නොවන බව ගුවන්තොටුපල ආරංචි මාර්ග උපුටා දක්වමින් පුවත්පත පවසයි.
ඉරිදා දිනයේ බැසිල් රාජපක්ෂ මහතා පිළිගැනීම පොහොට්ටු පක්ෂ මැතිඇමතිවරු රැසක් ගුවන් තොටුපලට ගොස් තිබුණු අතර ඔවුන් එහිදී සංග්‍රහයක්ද භුක්ති විදින ආකාරය දක්නට ලැබුණි.
විශේෂ ප්‍රභූ පර්යන්තය භාවිතා කිරීම සදහා එක් පුද්ගලයෙකු ඇමරිකානු ඩොලර් දෙසියක මුදලක් ගෙවිය යුතුව ඇති නමුත් මේ දක්වා කිසිදු මුදලක් ගෙවා නැති බව පුවත්පත වාර්තා කරයි.