ප්‍රමිතියක් නැති පෙට්‍රල් මෙට්රික් ටොන් 6780 ක් සපුගස්කන්දේ ගොඩගසයි. පාඩුව රුපියල් කෝටි 305 යි.

0
346

ප්‍රමිතියක් නැති පෙට්‍රල්
මෙට්රික් ටොන් 6780 ක්
සපුගස්කන්දේ ගොඩගසයි.
පාඩුව රුපියල් කෝටි 305 යි.

නිසි ප්‍රමිතියෙන් තොර පෙට්‍රල් මෙට්රික් ටොන් 6780 ක ප්‍රමාණයක් බෙදා හැරීමට නොහැකිව සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයේ ගබඩා කර තිබෙන බව වාර්තා වේ.

මෙම පෙට්‍රල් තොගයේ වටිනාකම රුපියල් කෝටි 305 ක් පමණ වන බව පැවසේ.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලබා ගැනීමේ අරමුණ ඇතිව පිරිපහදු කරන ලද බොරතෙල් වලින් මෙම පෙට්‍රල් තොගය ලැබී ඇති අතර ඒවා ඔක්ටේන් 80 සීමාවේ ඇති බැවින් වෙළද පොලට නිකුත් කළ නොහැකි බවයි පැවසෙන්නේ.

නිසි ප්‍රමිතියෙන් තොර බොරතෙල් ගෙන්වීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කිරීම හේතුවෙන් මේ තත්ත්වය උදා වී තිබේ.

වෘත්තීය සමිති නායක ආනන්ද පාලිත මහතාද මේ ප්‍රවෘත්තිය තහවුරු කළ අතර ඔහු පවසා සිටියේ මෙම බාල පෙට්‍රල් කුමනාකාරයෙන් හෝ වෙළද පොළට නිකුත් කිරීමේ අවදනාමක්ද ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen − 10 =