ප්‍රමිතියෙන් තොර
ඉමියුනොග්ලොබියුලින්
ආනයනය කිරීම,
එන්.එම්.ආර්.ඒ ලොක්කෙන්,
අමාත්‍යංශ ලොක්කෙක් සහ
අදාල සමාගමේ ලොක්කෙක්ට
එරෙහිව විදෙස් ගමන් තහනමක්.
ප්‍රමිතියෙන් තොර, ඉමියුනොග්ලෝබියුලින් එන්නත් කුප්පි විසි දෙදහස් පන්සියක් මෙරට ගෙන ඒමේ සිදුවීම සම්බන්ධයෙන්, පුද්ගලයන් තිදෙනෙකුට එරෙහිව, විදෙස් ගමන් තහනමක් පැනවීමට මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය තීන්දු කර තිබේ.
විදෙස් ගමන් තහනම පැනවී ඇති තිදෙනාගෙන් එක් අයෙකු වන්නේ, අදාල ඖෂධය මෙරටට ගෙන්වූ බව කියන දේශීය සමාගමේ හිමිකරුයි.
විදෙස් ගමන් තහනම පැනවී ඇති අනෙක් දෙදෙනා රාජ්‍ය නිළධාරීන් දෙදෙනෙකි.
ඉන් එක් අයෙකු වන්නේ, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක වෛද්‍ය විජිත් ගුණසේකර ය.
අනෙක් තැනැත්තා වන්නේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ සැපයුම් අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල වික්‍රමනායක යන අයයි.
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් මෙරටට ගෙන්වීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයන් රටින් පලා යාමේ සූදානමක් ඇති බව පවසමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේ කරුණු දැක් වූ අතර, ඒ අනුව අධිකරණය අදාල පුද්ගලයන් තිදෙනාට එරෙහිව මෙකී විදෙස් ගමන් තහනම පනවා තිබේ.