ප්‍රශ්න කළ යුතු බොහෝ මිනිසුන් නිදැල්ලේ සිටියදී
ඔවුහු ජූලියන් බෝලිංග් නම් ශ්‍රේෂ්ඨ මිනිසාගෙන් ප්‍රශ්න කරති.
පසුගිය ජූලි නම වන දා විරෝධතාවය පිළිබදව ප්‍රශ්න කිරීම සදහා ඊයේ දිනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ජූලියන් බෝලිංග් කැදවා තිබුණි.
ඔහු සමග තවත් ව්‍යාපාරිකයෙකු ද ප්‍රශ්න කිරීම සදහා කැදවා තිබුණු අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය අටකට ආසන්න කාලයක් ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගත්තේ ය.
ජූලියන් බෝලිංග් මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා ඔහුගෙන් ප්‍රශ්න කිරීම පිළිබද තවත් කීර්තිමත් ශ්‍රී ලාංකිකයෙකු වන රොෂාන් මහානාම මහතා සිය අප්‍රසාදය පළ කර තිබේ.
ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සිය අප්‍රසාදය මෙසේ පළ කර යි.
‘සාමකාමීව අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අප සතු මූලික මිනිස් අයිතිවාසිකමකි.
පුද්ගලික වාසි වෙනුවෙන් හෝ මුදලට හෝ බලයට ඇති ආශාව වෙනුවෙන් ඇස් කන් පියා සිටින මිනිසුන් අතර කිසිදු දේශපාලන පක්ෂපාතීත්වයකින් තොරව මා මෙන්ම මා මිත්‍ර ජූලියන් බෝලිංග් ද නිවැරදි දේ වෙනුවෙන් හඩ නැගුවේ ය.
ප්‍රශ්න කළ යුතු බොහෝ මිනිසුන් සිටිය දී රටට විශාල කීර්තියක් අත්කරදුන් සහ නිකැළැල් ඉතිහාසයක් ඇති ඔහු වැනි ශ්‍රේෂ්ඨ මිනිසෙකු ප්‍රශ්න කරනවා දැකීම කණගාටුවට හේතුවකි.’