ප්‍රාණ ඇපකරුවන්
දෙදෙනෙකු නිදහස් කළ බව
හමාස් සංවිධානය කියයි.
ප්‍රාණ ඇපකරුවන් ලෙස අත්අඩංගුවට ගනු ලැබූ දෙදෙනෙකු මානුෂීය හේතූන් මත මුදා හැරිය බව, හමාස් සංවිධානයේ දේශපාලන අංශය නිවේදනය කරයි.
නිදහස් කර ඇත්තේ ඇමරිකානු ජාතික මවක සහ ඇගේ දියණියයි.
හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගනු ලැබූ පුද්ගලයන් මරා දමා ඇතැයි, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් වරක් ප්‍රකාශ කර තිබුණු, ඔහුගේ එම ප්‍රකාශය අසත්‍යයක් බව ඇමරිකානු ජනතාවටත්, ලෝකයේ අනෙක් පුරවැසියන්ටත් දැනුම් දීම මෙම ප්‍රාණ ඇපකරුවන් දෙදෙනා මුදා හැරීමට තවත් එක් හේතුවක් බව හමාස් සංවිධානය පවසා තිබේ.
අල්ජසීරා ඇසුරෙනි.