ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම
පිළිබද සාකච්ඡා අවසන් අදියරේ..!
ඉන් පසුව ගාසා තීරයට සටන් විරාමයක්..!
හමාස් සංවිධානය විසින් සිය භාරයට ගන්නා ලද ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම සදහා වූ සාකච්ඡා අවසන් අදියර කරා ළගා වෙමින් තිබෙන බව ඒ සදහා මැදිහත් කරුවකු බවට පත්ව සිටින කටාර් විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි.
ප්‍රාණ ඇපකරුවන් මුදාහැරීමේ අරමුණ ගාසා තීරය සදහා සටන් විරාමයක් ලබා ගැනීමයි. ඊට අමතරව, ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවන පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධ ඉල්ලීමක් ද හමාස් සංවිධානය පාර්ශ්වයෙන් ඉදිරිපත්ව තිබේ.
මීට පෙර ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු පවසා තිබුණේ, ප්‍රාණ ඇපකරුවන් මුදා ගන්නා තෙක්, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර නොනවත්වන බවයි.
කෙසේ වෙතත්, ගාසා තීරයේ සටන් විරාමයක් පිළිබදව තමන් අපේක්ෂා සහගතව බලා සිටින බව ඇමරිකානු ජනාධිපතිවරයා ද ඊයේ දිනයේ දී පවසා තිබුණි.