“ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට නම්
සටන් විරාමයක් අවශ්‍යයි..!”
හමාස් සංවිධානය කියයි.
පසුගිය හත්වනදා ඊශ්‍රායල භූමියට ඇතුළු වී අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රාණ ඇපකරුවන් මුදාහරින්නේ, ගාසා තීරයට එල්ල කරන ඊශ්‍රායල ප්‍රහාර නතර කොට, සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව පමණක් බව හමාස් සංවිධානය කියයි.
මොස්කව් නුවර සංචාරයක නිරතව සිටින හමාස් නියෝජිතයෝ මේ බව ප්‍රකාශ කර තිබේ.
මොස්කව් බලා පැමිණ සිටින හමාස් නියෝජිතයන්ගේ නායකත්වය දරනු ලබන්නේ, Mousa Abu Marzouk නමින් හදුන්වන එම සංවිධානයේ දේශපාලන අංශ නායකයා ය.
හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් දෙසීයකට වඩා වැඩි පිරිසක් සිය භාරයේ රදවාගෙන සිටින අතර, මේ දක්වා ඔවුන් අතරෙන් සිව් දෙනෙකු මුදා හැර තිබේ.
රදවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් අතර රුසියානු ජාතිකයන් ද සිටින බව වාර්තා වේ.