“ප්‍රාණ ඇපයට ගත් දරුවන්
මරා දැමූ බවට පලවන මාධ්‍ය වාර්තා
අසත්‍යයයි.” හමාස් කියයි.
මරා දැමූ දරුවන්ගේ ඡායාරූප තමන් දැක්ක බවට
කළ ප්‍රකාශය ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ඉල්ලා අස්කර ගනී.
හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස රදවාගෙන සිටින දරුවන් ඝාතනය කරමින් තිබෙන බවට පලවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව හමාස් සංවිධානය පවසයි.
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ද, හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගත් දරුවන් එම සංවිධානය විසින් මරා දමා ඇති බවට වූ ඡායාරූප සාක්ෂි තමන් දුටු බව කියා තිබුණි.
නමුත් පසුව, ජනාධිපති පරිපාලනය ඒකකය පවසා තිබුණේ, ජනාධිපතිවරයා හෝ ජනාධිපති පරිපාලන ඒකකය එවැනි ඡායාරූප කිසිවක් නොදුටු බවයි.
හමාස් සංවිධානය, ඊශ්‍රායලයට එරෙහිව දියත් කළ මෙහෙයුමේ දී සියයකට වඩා වැඩි ප්‍රාණ ඇපකරුවන් පිරිසක් අල්ලාගෙන තිබුණි.
අල්ලා ගත් ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම සම්බන්ධ සාකච්ඡාවන්ට තමන් එළඹෙන්නේ, ඊශ්‍රායලය, පලස්තීන වැසියන්ට එල්ල කරන ප්‍රහාර නැවතූ පසුව බව හමාස් සංවිධානය පවසා තිබේ.
මේ අතර, හමාස් සංවිධානය විසින් අත් අඩංගුවට ගෙන තිබෙන ප්‍රාණ ඇාපකරුවන්, රහසිගත ස්ථානයක රදවා ඇතැයි ඊශ්‍රායල බළධාරීන් විශ්වාස කරයි.
හමාස් සංවිධානය, ඔවුන්ගේ ප්‍රහාරය සැලසුම් කළ අවස්ථාවේ දී ම, අල්ලා ගන්නා ප්‍රාණ ඇපකරුවන් රදවා තබා ගන්නා ස්ථානය පිළිබදවද සැලසුම් කරන්නට ඇති බව පවසන ඊශ්‍රායල් බළධාරීන්, බොහෝ විට, ප්‍රාණ ඇපකරුවන් යටිබිම්ගත බන්කරයක හෝ එවැනි වෙනත් තැනක් තබාගෙන සිටිනු ඇතැයි පවසයි.