පාකිස්තානයට ලබා දීමට නියමිත අයි.එම්.එෆ් ණය ඉක්මන් කරන ලෙස පාකිස්ථාන හමුදා ප‍්‍රධානියා ඇමරිකාවෙන් ඉල්ලයි.

0
323

පාකිස්තානයට ලබා දීමට නියමිත
අයි.එම්.එෆ් ණය ඉක්මන් කරන ලෙස
පාකිස්ථාන හමුදා ප‍්‍රධානියා ඇමරිකාවෙන් ඉල්ලයි.
හමුදා ප‍්‍රධානියාගේ මැදිහත් වීම ගැන
ඉම්රාන් ඛාන් විමතිය පළ කරයි.


බලශක්ති ආනයනය සදහා දැවැන්ත විදේශ විනිමය ප‍්‍රමාණයක් වැය කිරීමට රටට සිදුව ඇති බැවින්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පාකිස්තානය ඉල්ලා ඇති ණය මුදල කඩිනමින් ලබා දීමට කටයුතු කරන ලෙස, පාකිස්තාන හමුදා ප‍්‍රධානියා එක්සත් ජනපදියෙන් ඉල්ලා ඇති බව වාර්තා වේ.

ජනරාල් කමර් ජාවෙඞ් බජ්වා, පසුගිය සතියේ දී ඇමරිකානු නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වෙන්ඩි ෂර්මන් සම`ග දුරකථනය ඔස්සේ මේ පිළිබදව සාකච්ඡුා කර ඇති බවයි පැවසෙන්නේ.

පාකිස්තානය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 4.2 ක මුදලක් අපේක්ෂා කරන බව පැවසේ.

පාකිස්තාන හමුදා ප‍්‍රධානියාගේ මේ මැදිහත්වීම පිළිබදව පාකිස්තානයේ හිටපු අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් දැඩි විරෝධයක් දක්වා තිබේ.
රටේ ආර්ථික කටයුතු සදහා මැදිහත්වීම හමුදාපතිගේ කාර්යයක් නොවන බව ඔහු පවසා තිබේ.

පාකිස්තානය පාලනය කළ යුත්තේ කවුරුන් විසින්ද යන්න තීරණය කරන්නේ, පාකිස්තාන හමුදාව හා ඇමරිකා එක්සත් ජනපදය විසින් යැයි කලෙක සිටම අදහසක් පවතින අතර, සිය පාලනය පෙරලා දැමීම සදහා කටයුතු කරන ලද්දේ ද ඇමරිකාව විසින් යැයි ඉම්රාන් ඛාන් ප‍්‍රකාශ කර තිබුණි.

ඉම්රාන් ඛාන්ගේ එම චෝදනාව පාකිස්තාන හමුදා ප‍්‍රධානියා ප‍්‍රතික්ෂේප කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + seven =