පාකිස්තානයේ දේශපාලන පක්ෂ රැළියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්..! 35 ක් මියයති. 200 කට වැඩි පිරිසක් තුවාල ලබති.

0
78

පාකිස්තානයේ දේශපාලන පක්ෂ රැළියකට
මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්..!
35 ක් මියයති.
200 කට වැඩි පිරිසක් තුවාල ලබති.

දේශපාලන පක්ෂයක් විසින් සංවිධානය කරන ලද රැළියකට එල්ල වී තිබෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් තිස් පස් දෙනෙකු මිය ගොස්, දෙසීයකට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ප්‍රහාරය එල්ල වී තිබෙන්නේ ඉස්ලාමීය පක්ෂයක් විසින් සංවිධානය කරන ලද රැළියකටයි.

මෙම ප්‍රහාරය පිටුපස ඇති අරමුණ කුමක්දැයි මෙතෙන් අනාවරණය වී නැත.

කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් මිය ගිය ගණන තවත් ඉහළ යා හැකි බව වාර්තා වේ. ඊට හේතුව තුවාල ලැබූවන්ගෙන් බහුතරයකගේ තත්ත්වය ඉතා බරපතල තත්ත්වයක පැවතීමයි.

ප්‍රහාරය එල්ල වූ රැළිය සංවිධානය කළ දේශපාලන පක්ෂය, පාලන බලය හොබවන සන්ධානයේ හවුල්කාර පක්ෂයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 + fourteen =