පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ල නුදුරේදීම වසා දමනවා..! මුදල් රාජ්‍ය අමාත්‍ය.

0
265

පාඩු ලබන රාජ්‍ය ආයතන සියල්ල
නුදුරේදීම වසා දමනවා..!
මුදල් රාජ්‍ය අමාත්‍ය.


රජය මින් ඉදිරියට ව්‍යාපාර කටයුතු සිදු නොකරන බවත් දැනට ක්‍රියාශීලීත්වය අතින් පහල මට්ටමක පවතින රාජ්‍ය ආයතන සියල්ල කඩිනමින් වසා දැමීමට කටයුත-ු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.

මුල් අදියරේ දී එවැනි පාඩු ලබන ආයතන 40 ක් හදුනාගෙන ඇති බවයි ඔහු පවසන්නේ.

මෙම ආයතන වසා දැමීමට කටයුතු කළද ඒ තුළ රාජකාරියේ නියුතු පිරිස් වෙත කිසිදු අසාධාරණයක් සිදු නොවීමට රජය වගබලා ගන්නා බවද අමාත්‍යවරයා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ලබා දීමට නියමිත ණය සදහා නිල අනුමැතිය මාර්තු විසිවනදා වන විට ලැබෙනු ඇති බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා, පළමු ණය වාරිකය ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 333 ක ප්‍රමාණයක් මාර්තු මාසය තුළ දී ම මෙරටට ලැබෙනු ඇති බවටද විශ්වාසය පළකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 2 =