පාන්පිටි කිලෝවක තොග මිල
රුපියල් 250 දක්වා පහතට.
පාන් පිටි කිලෝවක තොගමිල රුපියල් දෙසිය පහන දක්වා පහතා දමා ඇතැයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය නිවේදනය කරයි.
ඊයේ දිනයේ දී වෙළද අමාත්‍යවරයා සහ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් අතර සාකච්ඡාවක් පැවති අතර එළැඹෙන උත්සව සමයේ දී හිගයකින් තොරව අඩු මිලට අත්‍යවශ්‍ය ආහාර සැපයීම පිළිබදව එහිදී අවධානය යොමු වී තිබේ.
පාන් පිටි කිලෝවක තොග මිල රුපියල් 250 දක්වා පහත වැටීමත් සමග නුදුරේදීම සිල්ලර මිලද පහත යනු ඇතැයි අපේක්ෂා කරයි.