පාන් රාත්තලක මිල
රුපියල් 10 කින් පහතට.
අනෙකුත් බේකරි නිෂ්පාදන මිල
අඩු නොවේ.
අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් රාත්තලක මිල රුපියල් දහයකින් පහත දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කරයි.
තිරිඟු පිටි මිල පහත වැටීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසන්නේ.
මේ වන විට තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 25 කින් පහත හෙළා තිබේ.
ඒ අනුව පාන් රාත්තල මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 170 දක්වා පහත දමා තිබේ.
කෙසේ වෙතත් බිත්තර මිල මේ දක්වා පහත වැටී නැති බැවින් අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් පහත නොදනම බවද සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.