පාපන්දු ලෝක කුසලානය
ආර්ජන්ටිනාව දිනා ගනී..!

0
281

පාපන්දු ලෝක කුසලානය
ආර්ජන්ටිනාව දිනා ගනී..!


ප්‍රතිවාදී ප්‍රංශය පරදා, 2022 පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට ආර්ජන්ටිනාවට හැකිවිය.

මීට පෙර දෙවතාවක් පාපන්දු ලෝක කුසලානය දිනා ගැනීමට ආර්ජන්ටිනාවට හැකි වී තිබුණි. ඒ 1978 සහ 1986 යන වසරවල දී ය.

තරගයේ පළමු අර්ධය නිමාවන විට ගෝල දෙකට බිංදුවක් ලෙස ආර්ජන්ටිනාව ඉදිරියෙන් සිටියේ ය.
දෙවන අර්ධයේ දී ගෝල දෙකක් ලබා ගනිමින් ප්‍රංශය තරගය සමකළේ ය.

විනාඩි අනූව අවසානයේ දී කණ්ඩායම් දෙකක ගෝල දෙක බැගින් ලබා ගෙන සිටින බැවිත් තරගය සදහා තවත් මිනිත්තු තිහක අතිරේක කාලයක් ලැබුනේ ය.

අතිරේක කාලයේ දී ආර්ජන්ටිනාව සහ ප්‍රංශය එක් ගෝලය බැගින් වාර්තා කළ අතර කණ්ඩායම් දෙක නැවතත් සම විය.

ඉන් පසුව දඩුවම් පහර අවස්ථාව හිමි වූ අතර එහිදී ආර්ජන්ටිනාව ගෝල හතරක් ලබා ගත් අතර ප්‍රංශය ලබා ගත්තේ ගෝල දෙකක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

6 + twenty =