පාර්ලිමේන්තුවෙනුත් වහං කළ
අයි.එම්.එෆ් සමග අත්සන් කළ ඒ ගිවිසුම
ජනාධිපති තුමා ඔහුගේ සමීපතම හිතමිතුරන්ට
පෙන්වා ඇති බව ඇත්තද..?
ආචාර්ය හර්ෂද සිල්වා අසයි.
ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග අත්සන් තැබූ බව පැවසෙන් මාණ්ඩලික මට්ටමේ එකගතාවන් පිළිබද ගිවිසුම මේ දක්වා පාර්ලිමේන්තුවට හෝ රජයේ මුදල් පිළිබද කාරක සභාවට හෝ හෙළි කර නැති නමුත් අදාල ගිවිසුම ජනාධිපතිවරයා විසින් ඔහුගේ සමීපතම හිතවතුන් වෙත හෙළිදරව් කර ඇති බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා සැක පළ කරයි.
විශේෂ ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් හර්ෂද සිල්වා මහතා මෙම සැකය මතුකර තිබේ.
පාර්ලිමේන්තුවට හෝ රජයේ මුදල් පිළිබද කාරක සභාවට හෙළි නොකල ගිවිසුම ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටු සාමාජිකයන් වෙත හෙළිකර ඇති බව වාර්තා වන බව පවසන හර්ෂද සිල්වා මහතා එය ඇත්තක්නම් එය බරපතල කාරණයක් බවද පවසා තිබේ.
