පාර්ලිමේන්තුව නොවිසුරුවන බවට ජනපතිගෙන් පොහොට්ටු පක්ෂයට සහතිකයක්.

0
174

පාර්ලිමේන්තුව
නොවිසුරුවන බවට
ජනපතිගෙන්
පොහොට්ටු පක්ෂයට සහතිකයක්.

නිල කාලය අවසන් වන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටු පක්ෂ නියෝජිතයන්ට පොරොන්දු වී ඇති බව අද වෙළද පොළට නිකුත්ව තිබෙන අරුණ පුවත්පත වාර්තා කරයි.

ඊයේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේ දී ජනාධිපතිවරයා මෙම පොරොන්දුව ලබා දී තිබේ.

විසිදෙවන සංශෝදනයෙන් ජනාධිපතිවරයාට ලබා දී තිබෙන අවුරුදු දෙක හමාරක් ගෙවුණු තැන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ඔහු විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන්නේදැයි මහින්දානන්ද අළුත්ගමගේ මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාගෙන් විමසා ඇති අවස්ථාවේ දී තමන් කිසිසේත්ම එසේ නොකරන බව ජනාධිපතිවරයා සහතික වී තිබේ.

පොහොට්ටු පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසා ඇත්තේ විසිදෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තම පක්ෂය විරුද්ධ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twelve + six =