පාස්කුවේ බෝම්බ පිපිර වූ අපරාධකරුවෝ අදත් දේශපාලනයේ නිරතව වෙති. ඊට හවුල් වූ පොලිස් කාරයෝ තවමත් පොලිස් රාජකාරී කරති.

0
57

පාස්කුවේ බෝම්බ පිපිර වූ අපරාධකරුවෝ
අදත් දේශපාලනයේ නිරතව වෙති.
ඊට හවුල් වූ පොලිස් කාරයෝ
තවමත් පොලිස් රාජකාරී කරති.


පාස්කු ඉරිදා බෝම්බ පිපිර වූ දේශපාලනඥයෝ තවමත් දේශපාලනයේ නිරතව සිටින අතර, ඒ සදහා සම්බන්ධ වූ පොලිස් නිළධාරීන් තවමත් පොලිස් රාජකාරියේ නිරතව සිටින බව, අති උතුම් මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපානෝ පවසති.

මුතුවාල් හී පිහිටි ශාන්ත ජේම්ස් දේවස්ථානයේ වාර්ෂික දේව මෙහෙයට සහභාගී වෙමින් කාදිනල් හිමියෝ මේ බව පවසා සිටියෝ ය.

2019 පාස්කු ප‍්‍රහාරයට ප‍්‍රබල දේශපාලනඥයන් සම්බන්ධ ව සිටි බවත්, එබැවින් ඒ පිළිබද සත්‍යය බුමුතුරුණු යට සගවා ඇති බවත් කාදිනල් හිමි පවසයි.

යුක්තිය ඉල්ලා කතෝලික ප‍්‍රජාව කළ හඩ නැගීම නොසලකා හැර ඇති අතර, යුක්තිය ඉල්ලා දිගටම යාඥා කිරීමට කතෝලික ප‍්‍රජාවට සිදුව තිබෙන්නේ යැයි කාදිනල් හිමි කියයි.

බොරැල්ල සියළු සාන්තුවරන්ගේ දේවස්ථානයේ අත් බෝම්බයක් තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද නිසි විමර්ෂණයක් මේ දක්වා සිදුව නැති බවට කාදිනල් හිමියෝ චෝදනා කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × one =