පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය; විමර්ශන සදහා ස්කොට්ලන්ඩ් යාර්ඩ් සහාය තවමනං ඉල්ලා නෑ..!

0
141

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය;
විමර්ශන සදහා ස්කොට්ලන්ඩ් යාර්ඩ්
සහාය තවමනං ඉල්ලා නෑ..!

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන වාර්තා අධ්‍යයනය කිරීම සදහා ස්කොට්ලන්ඩ් යාර්ඩ් සහාය ලබා ගන්නා බවට, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය වසරේ පවසා සිටියද, මේ දක්වා එවැනි ඉල්ලීමක් ඉදිරිපත්ව නැති බව, මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය පවසා තිබේ.

විමර්ශන සදහා, ස්කොට්ලන්ඩ් යාර්ඩ් සහාය ඉල්ලා සිටියානම්, එය කළ යුත්තේ මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය හරහා ය.
එවැනි ඉල්ලීමක් බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යලය වෙත ඉදිරිපත්ව නැති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

පාස්කු ප්‍රහාරය පිටුපස සැගවුණු හස්තයක් තිබේදැයි සොයා බැලීම සදහා, සියළු විමර්ශන වාර්තා ස්කොට්ලන්ඩ් යාර්ඩ් වෙත භාාර දීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පවසා තිබුණේ පසුගිය සැප්තැම්බරයේ දී ය. ඒ, සමන්තා පවර් මහත්මිය සමග පැවති සාකච්ඡාවකදී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

1 × 2 =