පාස්කු නඩුවේ
ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිකුත් වෙයි.
මෛත්‍රීට ලක්ෂ 1000 යි.
නිලන්ත ජයවර්ධනට ලක්ෂ 750 යි.
පූජිත ජයසුන්දරට ලක්ෂ 750 යි
හේමසිරි ප්‍රනාන්දු – ලක්ෂ 500 යි.
සිසිර මෙන්ඩිස් ලක්ෂ 100 යි.
පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට නොහැකි වීමෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හිටපු බුද්ධි ප්‍රධානී නිලන්ත ජයවර්ධන සහ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී සිසිර මෙන්ඩිස් යන අය පාස්කු ප්‍රහාරයෙන් වින්දිතයන් බවට පත්වූවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි.
ඒ අනුව ඔවුන්ට එරෙහිව දැවැන්ත වන්දි මුදලක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිර්දේශ කර තිබෙන අතර එම වන්දි මුදල් පාස්කු ප්‍රහාරයට ගොදුරු වූවන් වෙත ගෙවීමටද නියෝග කර තිබේ.