පාස්කු ප්‍රහාරය;
මෛත්‍රීපාල සිරිසේන
සැකකරුවෙකු- ලෙස නම් කරයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර තිබෙන පෞද්ගලික පැමිණිල්ලකට අදාලව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නොතීසි නිකුත් කර තිබේ.
නොතීසි නිකුත් කර තිබෙන්නේ ඔක්තෝබර් 14 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.
නොසැලකිලිමත් ලෙස හැසිරී පාස්කු ප්‍රහාරය සිද්ධ වන්නට ඉඩ හැර විශාල මිනිස් ජීවිත සංඛ්‍යාවක් මරණයට පත් කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තියට අනුව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියත-ුමා සහ පාස්කු වින්දිතයෙකු වන ජේසුරාජ් ගනේශන් යන අය විසින් මෙම පුද්ගලික පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
අදාල පෞද්ගලික පැමිණිල්ලේ සැකකරුවෙකු ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කර තිබෙන මහේස්ත්‍රාත්වරයා ඔහුට එරෙහිව නොතීසි නිකුත් කර තිබේ.