පාස්කු විමර්ශන;
ජිනීවා මොකද කියන්නේ…?
ජාත්‍යන්තරයේ සහාය ලබා ගැනීම අත්‍යවශයි.
වින්දිතයන් සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ
පූර්ණ සහභාගීත්වය අවශ්‍යයි.
විනිවිද භාවයෙන් යුතු විය යුතුයි.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන, ජාත්‍යන්තරයේ සහාය ඇතිව, වින්දිතයන්ගේ සහ ඔවුන්ගේ නියෝජිතයන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් යුතුව, විනිවිද භාවයෙන් සිදු කළ යුතු යැයි, එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලය නිර්දේශ කරයි.
එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සිලයේ 54 වැනි සැසිවාරය අමතමින්, නියෝජ්‍ය මහකොමසාරිස් නඩා අල් නෂීෆ් මේ බව පවසා තිබේ.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබෙන මානවහිමිකම් කඩකිරීමේ සිදුවීම් සහ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානවහිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව පරීක්ෂණ සිදු කිරීම සහ නඩු පැවරීම කඩිනම් කරන ලෙස මහකොමසාරිස්වරයාගේ වාර්තාව රජයට නිර්දේශ කරයි.