පාස්කු විමර්ෂණ සදහා
එක්සත් රාජධානියේ සහාය ගන්නවා.
ජනාධිපති ජූලි 18.
තාමනං ඒ සදහා
කිසිදු පියවරක් ගෙන නෑ.
ද මෝර්නිනං අගෝස්තු 19.
තවමත් නොවිසදුණු පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබද අභිරහස විසදීමට තමන් කටයුතු කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපතිවරයාව සිටිය දී 2022 ජූලි 18 වන දා පොරොන්දු විය.
ඒ අනුව එවැනි කාර්යයන් ඉටු කිරීම සම්බන්ධයෙන් කීර්තිමත් නමක් දිනා සිටින එක්සත් රාජධානියේ පොලිස් දෙපාාර්තමේන්තුවේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔහු එදින ප්‍රකාශ කර සිටියේ ය.
වැඩබලන ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඒ පොරොන්දුව ලබා දී දින දෙකකට පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් ඔහු ජනාධිපති ධූරයට තෝරා ගනු ලැබීය.
වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත් වී මාසයක් ගෙවී ගොස් තිබේ.
ඒ නමුත් ජූලි දහඅටවන දා ලබා දුන් පොරොන්දුව ඉටු කිරීමට අදාලව කිසිදු පියවරක් මේ දක්වා ඔහු විසින් ගෙන නොමැති බව ද මෝර්නිං වෙබ් අඩවිය වාර්තා කරයි.
පාස්කු ප්‍රහාරය පිළිබද විමර්ෂණ සදහා එක්සත් රාජධානියේ සහාය ලබා ගැනීමේ අදහසක් රජයට ඇත්නම් ඒ සදහා නිළ වශයෙන් ඉල්ලීම් කළ යුතු අතර එවැනි ඉල්ලීමක් සිදු කළ යුත්තේ ජනාධිපති ලේකම් හෝ ආරක්ෂක අමාත්‍යංශය හෝ මහජන ආරක්ෂාව පිළිබදව අමාත්‍යංශය විසින් බව ද මෝර්නිං වෙබ් අඩවිය පවසයි. නමුත් ඒ කිසිදු ආයතනයකින් එවැනි ඉල්ලීමක් නිළ වශයෙන් ඉදිරිපත් කර නැති බව මෝර්නිං වෙබ් අඩවිය වාර්තා කරයි.