පැයයි විනාඩි පහළොවක සාකච්ඡාවක්…!

0
324

පැයයි විනාඩි පහළොවක සාකච්ඡාවක්…!
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ පිළිවෙළට ප්‍රංශයෙන් ලැබෙන සහායට
ජනපතිගෙන් පැසසුම්…!


ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් මහතා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණි අතර, පැය කිහිපයකට සීමා වූ එම සංචාරයේ දී ප්‍රංශ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර පැයකුත් මිනිත්තු පහළොවක සාකච්ඡාවක් පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යහුගතකරණ වැඩපිළිවෙළට ප්‍රංශයෙන් ලැබෙන සහාය පිළිබදව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සිය ස්තූතිය පළකර තිබේ.

ඊට අමතරව, ජාත්‍යත්ර සම්බන්ධතාවන් හී දී ප්‍රංශයේ මැදිහත් වීම පිළිබදවද ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ප්‍රංශ ජනාධිපතිවරයා පසසා ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත් කර තිබෙන නිවේදනය පහතින්;

ප්‍රංශ ජනාධිපතිවරයෙක් මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා සිය දකුණු පැසිෆික් කලාපයේ සංචාරයෙන් අනතුරුව ඊයේ (28) ශ්‍රී ලංකාවේ ඓතිහාසික සංචාරයක නිරත විය. මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රංශ ජනාධිපතිවරයාව ඉතා සුහදශීලිව පිළිගත් අතර පැයකුත් විනාඩි පහළොවකට ආසන්න කාලක් නායක දෙපළ සුහද සහ සාර්ථක ද්විපාර්ශ්වික සාකච්ඡවක ද නිරත වූහ.

ප්‍රංශය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී විශේෂ අවධානය යොමු කෙරිණි. ජාත්‍යන්තර සබඳතාවන්හිදී ප්‍රංශයේ මැදිහත්වීම අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂයෙන් දේශගුණික විපර්යාස අවම කිරීම, විදේශ ණය ප්‍රශස්තකරණය සහ ඉන්දු-පැසිෆික් කලාපයේ ගැටලු පිළිබඳ දක්වන සහයෝගය ද අගය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + 16 =