“පැය විසි හතරක් ඇතුළත උතුරු ගාසා තීරයෙන් ඉවත් වනු..!” මිලියන 1.1 ක ජනතාවකට ඊශ්‍රායල හමුදා නියෝග කරයි..!

0
1692

“පැය විසි හතරක් ඇතුළත
උතුරු ගාසා තීරයෙන් ඉවත් වනු..!”
මිලියන 1.1 ක ජනතාවකට
ඊශ්‍රායල හමුදා නියෝග කරයි..!

“ඒ නියෝගය අසාධාරණයි.”
එක්සත් ජාතීන්ගේ සංවිධානය කියයි.

“එක්සත් ජාතීන්ගේ සංවිධානයේ
ප්‍රතිචාරය ලැජ්ජාසහගතයි.”
ඊශ්‍රායල බලධාරීන් කියයි.

පැය විසි හතරක් ඇතුළත, උතුරු ගාසා තීරයේ (වාඩි ගාසා නමින් හදුන්වන ප්‍රදේශයේ) ජීවත් වන ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස ඊශ්‍රායල හමුදා නියෝග කර තිබේ.

මෙම ප්‍රදේශය තුළ ජීවත් වන ජනගහනය, මිලියන 1.1 ක් පමණ වේ. එය සමස්ත පලස්තීන ජනගහනයෙන් අඩකට ආසන්නය.

එතරම් විශාල ජනතාවක් පැය විසි හතරක් ඇතුළත් ඉවත් කිරීම කළ නොහැකි දෙයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එවැනි උත්සාහයක්, නිසැක ලෙසම තවත් මානුෂීය ඛේදවාචකයක් නිර්මාණය කරනු ඇති බව එක්සත් ජාතීන්ගේ අදහසයි.

සිය නියෝගය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම ප්‍රතිචාරය ඊශ්‍රායල බලධාරීන් දැඩි ලෙස හෙලා දැක තිබේ.

හමාස් සටන්කාමීන්, ගාසා තීරයේ සිට සිය ත්‍රස්තවාදීන් මෙහෙයුම් සැලසුම් කරද්දී ඇස් වසාගෙන සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානය, දැන්, තමන් ත්‍රස්තවාදයට ප්‍රතිචාර දැක්වීමට යාමේ දී, තමන්ට බණ දේශනා කිරීමට එන බව ඊශ්‍රායල බලධාරීන් පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + twelve =