පාන් පිටි කිලෝවක මිල
සති දෙකකින් අඩු කරනවා.
වෙළද අමාත්‍යවරයා.
අඩු වෙන්නෑ.
පිටි කිලෝවක මිල තවත්
රුපියල් 13කින් ඉහළයනවා.
සමස්ත ලංකා බේකරිහිමියන්ගේ සංගමය.
මෑතකදී හදුන්වා දෙනු ලැබූ සමාජ ආරක්ෂණ බද්ධ හේතුවෙන් පාන් පිටි කිලෝවක මිල තවත් රුපියල් 13 කින් ඉහළ යනු ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසා තිබේ.
මෙරටට තිරිගු පිටි ආනයනය කරනු ලබන ප්‍රධාන සමාගම් දෙක මේ බව නිවේදනය කර ඇති බවයි බේකරිහිමියන්ගේ සංගමය පවසන්නේ.
ඒ අනුව නුදුරේදීම පාන් රාත්තලක මිල තවත් රුපියල් දහයකින් ඉහළ දැමීමට සිදුවනු ඇති බවද එම සංගමය පවසයි.
කෙසේ වෙතත් වෙළද අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ඊයේ පවසා තිබුණේ ඉදිරි සතියේ දී පාන් පිටි කිලෝවක මිල රුපියල් 200 කින් පමණ අඩුවෙනු ඇති බවයි.