පිටුවහල් කිරීම වළක්වන ලෙස ඉල්ලා
බ්රිතාන්‍ය ජාතික මාධ්‍යවේදිනිය ගොනුකළ
පෙත්සම අභියාචනාධිකරණය ඉවත දමයි.
ගාළු මුවදොර ජනතා අරගලය සමාජ මාධ්‍යය ඔස්සේ ප්‍රවර්ධන කිරීම හේතුවෙන් රටින් පිටුවහල් කිරීමට නියම වී තිබෙන බ්රිතාන්‍ය ජාතික සමාජ ක්‍රියාකාරිනිය විසින් තමන් රටින් පිටුවහල් කිරීම වළක්වන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් විභාගයට නොගෙනම ඉවත දමා ඇති බව වාර්තා වේ.
මේ අතර සමාජ මාධ්‍යයට වීඩියෝවක් මුදාහැර ඇති අදාල තරුණිය ලංකාව තුළදී තමන් ලිංගික හිංසනයට ගොදුරු වූ බවත් ඒ පිළිබදව සංචාරක පොලිසියට පැමිණිලි කළ බවත් නමුත් තමන්ට සාධාරණයක් ඉටු නොවූ බවත් පවසයි.