“පිවිතුරු බුදු දහමත් හරවත් බොදු උරුමයත් සුරැකීමට කැපවන ලෙස සියළු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිමි.” ජනපතිගේ පොසොන් පොහෝදින පණිවිඩය.

0
58

“පිවිතුරු බුදු දහමත් හරවත් බොදු උරුමයත් සුරැකීමට කැපවන ලෙස සියළු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටිමි.”
ජනපතිගේ පොසොන් පොහෝදින පණිවිඩය.


අදට යෙදී තිබෙන පොසොන් පොහොය නිමිත්තෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ. එම පණිවිඩය පහතින්.

• පොසොන් පණිවිඩය

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කරවීම ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ආගමික වශයෙන් වටිනාම සන්ධිස්ථානය බව අවිවාදිතය. එපමණක් නොව ඉන් සමාජ, සංස්කෘතික හා දේශපාලන වශයෙන් අප අත්පත් කරගත් වටිනාකම් බොහෝය.

අභිමානවත් රටක්, ජාතියක් ලෙස අප ඉදිරියට පැමිණියේ මිහිඳු හිමි දෙසු තථාගත දහම හා අනුදැන වදාළ එම ජීවන මග ඔස්සේය.

විශේෂයෙන්ම වැව,කෙත, දාගැබ මත ස්වයංපෝෂිත වූ ආර්ථිකයකට මග පෙන්වූ ධර්ම සංවාදය ද දේශපාලන සමාජ සංස්කෘතික සංවාදය ද බිහිවූයේ මිහිඳු මහරහතන් වහන්සේගේ ආගමනයත් සමඟය.

එම ප්‍රතිපදාගත ධර්ම මාර්ගයේම යමින් රටේ මතුව තිබු, දැන් ක්‍රමිකව විසඳමින් තිබෙන දේශපාලන සමාජ ආර්ථික වියවුල සමනය කොට ශ්‍රී ලංකාව නැවත දියුණු රාජ්‍යයක් ලෙස ලෝකය හමුවේ ඔසවා තැබීමට අප සියලු දෙනා අදිටන් කර ගනිමු.

මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩමවීමෙන් දායාද වූ පිවිතුරු බුදු දහමත්, හරවත් බොදු උරුමයත් සුරැකීමට කැප වන ලෙස මෙම පොසොන් පොහෝ දිනයේ දී මම සියලු බෞද්ධ ජනතාවගෙන් ඉල්ලා සිටින අතර සැමට පිංබර පොසොන් මංගල්‍යයක් වේවායි ! ප්‍රාර්ථනා කරමි.

රනිල් වික්‍රමසිංහ

ජනාධිපති

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

11 + fifteen =