පිළිකා රෝගියා තුන් වතාවක් ඇඩ්මිට් වෙයි. ළඟ පාත එකදු රෝහලක හෝ වැඩ කරන සීටී ස්කෑනරයක් නැති නිසා තුන් වතාවේම ඔහු ඩිස්චාර්ජ් කරයි.

0
463

පිළිකා රෝගියා
තුන් වතාවක් ඇඩ්මිට් වෙයි.
ළඟ පාත එකදු රෝහලක හෝ වැඩ කරන සීටී ස්කෑනරයක් නැති නිසා
තුන් වතාවේම ඔහු ඩිස්චාර්ජ් කරයි.

තෙල් දෙණිය රෝහලට ඇතුළත් වූ පිළිකා රෝගියෙකු, ඔහුට අවශ්‍ය සීටී ස්කෑන් එකක් කර ගැනීමට අවශ්‍ය පහසුකම නොමැතිව තුන් වතාවක්ම ටිකට් කපා ගෙදර යැවීමට වූ සිද්ධියක් සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටියි.

පුවත්පත වාර්තා කර තිබෙන ආකාරයට, තෙල්දෙණිය මහරෝහලට ඇතුළත් කර සිටි අදාල රෝගියා සදහා සී.ටී. ස්කෑන් පරීක්ෂාවක් සිදු කිරීමට අවශ්‍යව තිබී ඇති අතර, මහනුවර මහරෝහලේ සීටී ස්කෑනරය කැඩී ඇති බව දැනගැනීමෙන් පසුව, ඔහු මාතලේ මහරෝහලට පිටත් කර යවා තිබේ.

තෙල්දෙණිය රෝහලේ අදාල බලධාරීන් එම රෝගියා මාතලේ මහරෝහලට පිටත්කර යවා ඇත්තේ ගිලන් රථයකිනි.

කෙසේ වෙතත්, මාතලේ රෝහලේ ද සීටී ස්කෑනරය වැඩ නොකරන බව දැනගැනීමෙන් පසුව, එකී රෝගියා නැවත තෙල්දෙණිය මහරෝහලට රැගෙනවිත් තිබේ.

ඉන්පසුව තෙල්දෙණිය මහරෝහලේ බළධාරීන්, සතියකින් නැවත එන ලෙස දැනුම් දී රෝගියා නිවසට පිටත් කර තිබේ.

සතියකට පසුව රෝගියා නැවත තෙල්දෙණිය රෝහලට ඇතුළත් වී ඇති අතර, ඔහු නැවත පසුවදා නිවසට පිටත් කර හැරීමට රෝහල් බළධාරීන් කටයුතු කර තිබේ. ඒ, ඒ වනවිටත් සී.ටී ස්කෑනරයක් තිබෙන තැනක් සොයා ගැනීමට නොහැකි වී ඇති බැවිනි.

ඉන් දින කිහිපයකට පසුව, තෙල්දෙණිය රෝහලෙන් අදාල රෝගියට දුරකථන ඇමතුමක් ලබා දී, වහා රෝහල්ගතවන ලෙස ඔහුට උපදෙස් දී තිබේ.

රෝහලේම උපදෙස් මත රෝහල්ගත වූ එකී පිළිකා රෝගියා, නැවත පසුවදා ගෙදර යැවීමට රෝහලට සිද්ධ වී තිබේ.

ඒ, ඒ වනවිටත්, එකී රෝගියා සදහා අවශ්‍ය සීටී ස්කෑනර් පරීක්ෂාව සිදු කර ගැනීමට අවශ්‍ය කිසිදු පහසුවමක් ආසන්න කිසිදු රෝහලක හෝ නොමැති බව යළිත් තහවුරු වී ඇති බැවිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

15 + 17 =