පුංචි ඡන්දයට නාමයෝජනා කැදවීම
දෙසැම්බර් 26-30 අතර.
මැතිවරණ කොමිසමේ සභාපති කියයි.
දීර්ඝ සාකච්ඡාවකට පසුව දෙසැම්බර් 26 ත් 30 ත් අතර කාලයේ පලාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා කැදවීමට තීරණය කළ බව මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා පවසා තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ ඩේලි මිරර් පුවත්පත සමගිනි.
ඒ අනුව පෙබරවාරි මාසයේ අග භාගයේ දී මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බවද කොමිසමේ සභාපති පවසයි.