‘පුංචි ඡන්දයේ වියදම
කිසිසේත්ම රුපියල් බිලියන 10 ට
වැඩි වන්නේ නෑ.’
මැතිවරණ කොමිසම කියයි.
මාර්තුවේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය සදහා වැය වේයැයි ගණන් බලා තිබෙන මුදල කිසිසේත්ම රුපියල් බිලියන 10 ඉක්මවා නොයන බව මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
එසේම මැතිවරණය කල්දැමීමේ කිසිදු අදහසක් මැතිවරණ කොමිසමට නැති බව පවසා ඇති කොමසාරිස් ජනරාල්වරයා, අධිකරණය මගින් මැතිවරණය කල් දැමීමක් සිදු කරන තෙක්, මැතිවරණ කොමිසම නිසිපරිදි මැතිවරණ ක්‍රියාවලිය දියත් කර තිබෙන බව ද පවසා තිබේ.