පුංචි ඡන්දය ගැන කතා කරන්න
මැතිවරණ කොමිසම අද අගමැති හමුවෙයි.
පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් උද්ගතව තිබෙන තත්ත්වය පිළිබදව සාකච්ඡා කිරීම සදහා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් අද දිනයේ දී අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා හමු වීමට නියමිත බව වාර්තා වේ.
පලාත් පාලන මැතිවරණය මාර්තු මාසයේ නම වන දා පවත්වන බව මැතිවරණ කොමිසම මුලින් නිවේදනය කළ අතර, මුදල් අමාත්‍යංශය මැතිවරණය සදහා අවශ්‍ය ප්‍රතිපාදන නිකුත් නොකිරීම හේතුවෙන් මැතිවරණය අප්‍රේල් මාසයේ 25 වන දා දක්වා කල් තබන ලදී.
කෙසේ වෙතත්, අප්‍රේල් 25 වන දා ද මැතිවරණය නොපැවැත්වීමට ඉඩ ඇති අතර, ඒ පිළිබදව නිල වශයෙන් මහජනතාවට දැනුම් දීම හෙට දිනයේ දී සිදුවීමට නියමිත බව වාර්තා වේ.